ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව දැවැන්ත දඩයකට ලක් වෙද්දී ෂුබ්මන් ගිල්ට 115% ක දඩයක්

Date:

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට හා ඉන්දීය කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) දඩ නියම කර තිබෙනවා.

ඒ, නියමිත කාලය තුළ දී අවශ්‍ය පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියාව සමග පැවැති මෙවර ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව ලකුණු 209 කින් ඊයේ(11) පරාජයට පත් වුණා.

පන්දුවාර යවා නිමා කිරීමේ වේගය නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් 100%ක දඩ මුදලක් නියම කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ද තරග ගාස්තුවෙන් 80%ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම නියමිත කාලය නිමා වන විට පන්දුවාර 5ක් පිටුපසින් සිට ඇති බවට අනාවරණය වී තිබූ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 4ක් පිටුපසින් සිට ඇති බවටයි අනාවරණය වී තිබුණේ.

මේ අතර, ඉන්දියාවේ ෂුබ්මන් ගිල්ට තරග ගාස්තුවෙන් තවත් 15% ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

ඒ, සිව්වැනි දිනයේ දී ඔහුගේ දැවී යාම සම්බන්ධයෙන් විනිසුරුවන් ලබා දුන් තීන්දුව විවේචනය කිරීම හේතුවෙන්.

කැමරන් ග්‍රීන් විසින් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් ගිල් දැවී ගිය අතර, එම උඩ පන්දුව නිසි අයුරින් රැක ගත් උඩ පන්දුවක් බව රූපවාහිනී විනිසුරු Richard Kettleborough විසින් තීරණය කළා. කෙසේ වෙතත්, එම තීරණය ආන්දෝලනයට තුඩු දුන් අතර, ඇතැම් පාර්ශව විසින් එය විවේචනය කරනු දක්නට ලැබුණා.

ෂුබ්මන් ගිල් විසින් ද සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් අදාළ විනිසුරු තීරණය ප්‍රශ්න කර සිටියා.

ඒ අනුව ජාත්‍යන්තර තරඟයකදී සිදුවන සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හෝ නුසුදුසු අදහස් දැක්වීම යන අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.7 වගන්තිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවටයි අයි.සී.සීය විසින් තීරණය කළේ.

මෙම දඩ පැනවීම හේතුවෙන් මෙම තරගයේ දී ෂුබ්මන් ගිල් තරග ගාස්තුවෙන් 115% ක දඩ මුදලකට යටත්ව ඇති බැවින් ඔහුට අයි.සී.සීය වෙත මුදල් ආපසු ගෙවීමක් සිදු කිරීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...