නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Date:

ආසියානු කුසලාන නැගීඑන කාන්තා කණ්ඩායම් ක්‍රිකට් තරගාවලිය අද(12) හොංකොං හී දී ආරම්භ වුණා.

තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම පරදා කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 95 ක් පමණයි.

Esha Oza ලකුණු 39 ක් ද, Theertha Satish ලකුණු 16 ක් ද, Khushi Sharma ලකුණු 14 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී මදුෂිකා මෙත්තානන්ද ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත්තා. මල්ෂා ශෙහානි හා නිමාෂා මීපගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

විශ්මි ගුණරත්න ලකුණු 21 ක් ද, ඉමේෂා දුලානි ලකුණු 15 ක් ද, කෞෂිණි නුත්‍යංගනා ලකුණු 14 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Esha Oza හා Indhuja Nandakumar කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරවරිය ලෙස මදුෂිකා මෙත්තානන්ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...