NCC හා කෝල්ට්ස් සම ශූරයින් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ (Major Clubs T20 Tournament) සම ශූරතාවය දිනා ගැනීමට එන් සී සී කණ්ඩායම හා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අද(11) සමත් වුණා.

ඒ, අද පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීම හේතුවෙන්.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉනිම් 3ක දී ලකුණු 195ක් ලබා ගත් එන් සී සී කණ්ඩායමේ උපුල් තරංග.

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ලහිරු මදුශංක ඉනිම 4කදී කඩුලු 10ක් දවා ගනිමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කර ගත්තා.

මුවර්ස් කණ්ඩායමේ ලහිරු සමරකෝන් තරගාවලියේ වීරයා ලෙසයි සම්මානයෙන් පිදුම් ලැබුවේ. ඔහු ඉනිම් 5 කදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...