IPL ඉතිහාසයේ දැවැන්තම හඹා යාම සමගින් රාජස්ථානයට අනපේක්ෂිත ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අයි.පී.එල් ඉතිහාසයේ හඹා ගොස් තරගයක් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද අලුත් කරමින්.

සාජාහි පැවැති තරගයේ  කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්ජාබ් කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 2ක් දැවී ලකුණු 223ක් ලබා ගනිමින්.

සුපිරි පිතිහරඹයක නිරත වීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මයාන්ක් අගාර්වල් සමත් වුණේ සිය මංගල අයි.පී.එල් ශතකය වාර්තා කරමින්.

ඔහු පන්දු 50කට මුහුණ දෙමින් ලකුණු 106ක් රැස් කළා.

අගාර්වල්ගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

කේ.එල් රාහුල් ලකුණු 69යි.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 183ක්.

පන්දු යැවීමේ දී අන්කිට් රාජ්පුත් සහ ටොම් කරන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

සංජු සැම්සන් ලකුණු 85ක් රැස් කළේ පන්දු 42ක් තුළ හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් සමගින්.

ස්ටීව් ස්මිත් ලකුණු 50යි.

මන්දගාමීව ඉනිම ඇරඹූ රාහුල් තෙවාටියා පන්දු 31කින් ලකුණු 53ක් රැස් කළා.

ඔහු එක් අවස්ථාවක ලකුණු 8ක් ලබා සිටියේ පන්දු 19කට මුහුණ දෙමින්.

එම අවස්ථාවේ දී තරගයේ ජයග්‍රහනයේ බලාපොරොත්තු ද රාජස්ථාන් කණ්ඩායමෙන් කෙමෙන් ගිලිහී යමින් පැවතුණා.

කෙසේ වෙතත්, ෂෙල්ඩන් කොට්‍රෙල් යැවූ ඉනිමේ 18 වන පන්දුවාරයට හයේ පහර 5ක් එල්ල කිරීමට ඔහු සමත්වීමත් සමග තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු යළි රාජස්ථාන කණ්ඩායම දෙසට නතු වුණා.

අනතුරුව ජොෆ්ර ආචර් ද හයේ පහර දෙකක් එල්ල කිරීමත් සමග තරගයේ ජයග්‍රහනයේ අපේක්ෂාවන් පන්ජාබ් කණ්ඩායමෙන් ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...