තෙවාටියාගෙන් පන්දු 7කින් හයේ පහර 6ක් – තරගය කනපිට පෙරලූ පන්දුවාරය මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගයෙන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ජයග්‍රහනයක් අවසන් මොහොතේ වාර්තා කිරීමට ඊයේ(27) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

එම ජයග්‍රහනය ඉතිහාසයට එක් වූයේ අයි.පී.එල් ඉතිහාසයේ හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද රාජස්ථානයට හිමි කර දෙමින්.

එම ජයග්‍රහනය සදහා මග පෑදූ ප්‍රධාන පිතිකරුවන් තිදෙනෙකු සිටි අතර, ඉන් ප්‍රමුඛස්ථානයක් සංජු සැම්සන්ට හිමි වනවා.

ඔහු ලකුණු 85ක් රැස් කළේ පන්දු 42ක් තුළ හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් සමගින්.

ස්ටීව් ස්මිත් ලකුණු 50ක් රැස් කරමින් මෙම ජයග්‍රහනයේ තවත් වැදගත් කාර්ය භාරයක් ඉටු කළා.

කෙසේ වෙතත්, මන්දගාමීව ඉනිම ඇරඹූ රාහුල් තෙවාටියා අදාළ ජයග්‍රහනයට දැක් වූයේ අගනා දායකත්වයක් බව නම් නොරසහක්.

පන්දු 31කින් ඔහු ලකුණු 53ක් රැස් කළා.

එම ඉනිමට හයේ පහරවල් 7ක් ඇතුළත් වූ නමුත්, කිසිදු හතරේ පහරක් ඇතුළත් වූයේ නැහැ.

විශේෂත්වය වන්නේ එක් අවස්ථාවක ඔහු ලකුණු 8ක් ලබා සිටියේ පන්දු 19කට මුහුණ දෙමින්.

එක් අවස්ථාවක දී සංජු සැම්සන් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව පහසුවෙන් ලබා ගත හැකි ලකුණක් කරා දිව යාම ද සංජු සැම්සන් විසින් ප්‍රතික්ෂේප කළේ රාහුල් තෙවාටියාට තවදුරටත් පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දුනහොත් තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු අත්හැරීමට සිදු වන බැවින්

එතරම්ම මන්දගාමී ලෙස ටෙස්ට් ඉනිමක් පරිද්දෙන් ඉනිම ඇරඹූ රාහුල් තෙවාටියා කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි ප්‍රවේගකාරී පිතිහරඹයක් අරඹන්නේ ඉනිමේ 18 වන පන්දුවාරයේ දී යි.

එහිදී ෂෙල්ඩන් කොට්‍රෙල් යැවූ අදාළ පන්දුවාරයට හයේ පහරවල් 5ක් එල්ල කිරීමට ඔහු සමත්වෙන්නේ සියල්ලන් මවිතයට පත් කරමින්.(දර්ශන මෙතනින්)

අනතුරුව 19 වන පන්දුවාරයේ දී ඔහු මුහුණ දුන් පළමු පන්දුවට ද තිවාටියා හයේ පහරක් එල්ල කරන්නේ මොහොමඩ් ෂාමිට එරෙහිවයි.

පසුව තරගය ජය ගැනීම සදහා අවශ්‍යව තිබුණේ ලකුණු දෙකක් පමණක් වුවද, ඊළග පන්දුවේ දී තිවාටියා අවාසනාවන්ත ලෙස උඩ පන්දුවක් ලබා දී දැවී යනවා.

කෙසේ වෙතත්, තරගයේ ජය රාජස්ථානයට හිමි වීම වැළැක්වීමට එම කඩුල්ල කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට ප්‍රමාණවත් වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...