පියඹා ගොස් ගුවනේ දී 6 පහර නැවතූ ඉතිහාසයේ විශිෂ්ඨතම පන්දු රැකීම

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගයේ දී සුවිශේෂී පන්දු රැකීමක නිරත වීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නිකලස් පූරාන් සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී ඔහු අදාළ දක්ෂතාව දැක් වූයේ 8 වන පන්දුවාරයේ තෙවැනි පන්දුවටයි.

එහිදී සංජු සැම්සන් එල්ල කළ දැවැන්ත පහරකින් පසුව පන්දුව හයේ සීමාව කරා යමින් පැවතුණේ පන්දු රකින්නෙකුට එය උඩ පන්දුවක් ලෙස රැක ගත හැකි වේදැයි යන සැකය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට ඉතිරි කරමින්.

කෙසේ වෙතත්, අවසන් මොහොතේ එය හයේ සීමාව පසු කරන බව සියලු දෙනාට අවබෝධ වුවත්, පන්දු රකිමින් සිටි නිකලස් පූරාන් සිය උත්සාහය අත්හැරියේ නැහැ.

හයේ සීමාව ඉක්මවා යමින් පැවැති පන්දුව උඩ පන්දුවක් ලෙස අති දක්ෂ ලෙස එක් අතකින් පමණක් රැක ගැනීමට ඔහු සමත් වුණේ උඩුගුවනේ දී යි.

කෙසේ වෙතත්, ඒ වන විට ඔහු ද හයේ සීමාව ඉක්මවා ගොස් අවසන්.

රැක ගත් පන්දුව ක්ෂණයකින් ක්‍රීඩාංගනය තුළට විසි කිරීමට පූරාන් සමත් වූයේ සියලු දෙනා මවිතයට පත් කරමින්.

හයේ සීමාවෙන් පිට සිට උඩු ගුවනේ දී එක් අතකින් උඩ පන්දුව රැක ගනිමින් අනතුරුව එය උඩු ගුවනේ දී ම යළි ක්‍රීඩාංගනය තුළට විසි කිරීමට ඔහු ගත් උත්සාහය අයි.පී.එල් ඉතිහාසයේ පමණක් නොව 20යි 20 තරග ඉතිහාසයේම සුවිශේෂීම පන්දු රැකීම ලෙසටයි ක්‍රීඩා විචාරකයින් හදුන්වනු ලැබුවේ.(දර්ශන මෙතනින්)

මේ හේතුවෙන් රාජස්ථාන් කණ්ඩායමට එම පන්දුවට ලකුණු හයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ලකුණු 2ක් දක්වා අවම කිරීමට නිකලස් පූරාන් සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...