ILT20 : මොයීන් ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් සාජා වොරියර්ස් සංචිතය නිවේදනය කෙරේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) (ILT20) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත සාජා වොරියර්ස් (Sharjah Warriors) කණ්ඩායමේ සංචිතයට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් 14 දෙනාගෙන් යුත් මූලික සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සංචිතය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

එංගලන්තයේ මොයීන් අලී, ඩේවිඩ් මලාන්, ක්‍රිස් වෝක්ස්, කොදෙව් දූපත්හි එවින් ලුවිස් හා ඇෆ්ඝනිස්තානයේ මොහමඩ් නබී යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්.

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නව 20යි 20 ක්‍රිකට් ලීග් තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත මෙම 20යි 20 ජාත්‍යන්තර ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිත ලබන ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර, මොයීන් අලී මීට පෙර දකුණු අප්‍රිකා 20යි 20 ලීග් තරගාවලියට එක්වන ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ද ගිවිසුම්ගත වුණා.

එමෙන්ම මොයීන් අලී එංගලන්ත ජාතික කණ්ඩායම ද එම කාලයේ දී නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහුට කුමන තරගාවලියක් ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත්දැයි මේ වන විට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.

සාජා වොරියර්ස් සංචිතයට ඇතුළත් කරන එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් සිව්දෙනා පසුව තෝරා ගැනීමට නියමිතයි.

මෙම තරගාවලියේ දී එක් තරගයක් සදහා ක්‍රීඩා කරන කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 9 දෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට නියමිතව ඇති බව සදහන්.

මේ අතර, ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (දෙසැම්බර්-ජනවාරි) හා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (ජනවාරි-පෙබරවාරි) තරගාවලි ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීග් තරගාවලියට බලපෑමක් එල්ල කරනු ඇති.

ඩුබායි කැපිටල්ස්, ගල්ෆ් ජයන්ට්ස්, අබුඩාබි නයිට් රයිඩර්ස් හා එම් අයි එමිරේට්ස් යන කණ්ඩායම් ද මේ වන විට සිය විදෙස් ක්‍රීඩකයින් 14 දෙනාගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර අවසන්.

Sharjah Warriors squad :

Moeen Ali (Eng), Dawid Malan (Eng), Evin Lewis (WI), Mohammad Nabi (Afg), Chris Woakes (Eng), Noor Ahmad (Afg), Rahmanullah Gurbaz (Afg), Naveen-ul-Haq (Afg), Tom Kohler-Cadmore (Eng), Chris Benjamin (Eng), Danny Briggs (Eng), Mark Deyal (WI), Bilal Khan (Oman), JJ Smit (Namibia)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...