මුම්බායි ක්‍රීඩකයින් රැසකගෙන් යුත් MI Emirates සංචිතය නිවේදනය කෙරේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර 20යි 20 ලීගයේ (International League T20) (ILT20) පළමු අදියර සදහා සිය කණ්ඩායම සමග ගිවිසුම් ගත වූ විදෙස් ක්‍රීඩකයින් ලැයිස්තුව එම් අයි එමිරේට්ස් (MI Emirates) කණ්ඩායම විසින් අද(12) නිවේදනය කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත MI Emirates කණ්ඩායම සදහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු හා වත්මන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඇතුළත්.

කයිරන් පොලාඩ්, ඩ්වේයන් බ්‍රාවෝ, නිකලස් පූරාන් හා ට්‍රෙන්ට් බෝල්ට් MI Emirates කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිත ප්‍රබල ක්‍රීඩකයින් අතර වන බවයි එම කණ්ඩායම සදහන් කළේ.

විදෙස් ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් එම කණ්ඩායම සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

MI Emirates කණ්ඩායම සදහා ක්‍රීඩා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍ය (දේශීය) ක්‍රීඩකයින් පසුව නිවේදනය කරනු ඇති.

MI Emirates සංචිතය –

Kieron Pollard (West Indies), Dwayne Bravo (West Indies), Nicholas Pooran (West Indies), Trent Boult (New Zealand), Andre Fletcher (West Indies), Imran Tahir (South Africa), Samit Patel (England), Will Smeed (England), Jordan Thompson (England), Najibullah Zadran (Afghanistan), Zahir Khan (Afghanistan), Fazalhaq Farooqui (Afghanistan), Bradley Wheal (Scotland), Bas De Leede Netherlands

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...