ILT20 ක්‍රීඩා කරන්න තරග 11කින් පසු ක්‍රිස් ලින් ස්ට්‍රයිකර්ස් හැර යාමේ ගිවිසුමක

Date:

ඔස්ට්‍රේලියානු පිතිකරු ක්‍රිස් ලින් මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

එළඹෙන තරග වාරයේ මූලික වටයේ තරග 14න් තරග 11 ක් පමණක් ක්‍රීඩා කිරීම සදහා එලෙස ගිවිසුම්ගත වීමටයි බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා වන ක්‍රිස් ලින් පියවර ගෙන ඇත්තේ.

අනතුරුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ලීග් තරගාවලිය වන ILT20 තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිතයි.

ඔහුට ජනවාරි 20 වැනිදා සිට එම තරගාවලියට සම්බන්ධ වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී ඇති බව සදහන්.

එම තරගාවලියේ දී ක්‍රිස් ලින් ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, ILT20 තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් එම තරගාවලිය යටතේ පැවැත්වෙන ආරම්භක තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...