ඇන්ඩර්සන්, බ්‍රෝඩ් හා ජොනී පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙයි

Date:

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් ඊයේ (25) රාත්‍රියේ දී නිමාව දුටුවේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.

මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා.

සැක් ක්‍රව්ලි නොදැවී ලකුණු 17(77) ක් ද, ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 38(45) ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් ලකුණු 4 කට දවා ගැනීමට ලුන්ගි එන්ගිඩී සමත් වූ අතර, ඔලී පෝප් ලකුණු 23 කට දැවී ගියේ අන්රිච් නොකියාගේ පන්දුවක් හමුවේයි. ජෝ රූට් ලකුණු 9කට දවා ගැනීමට කාගිසෝ රබාඩා සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 151 ක් පමණයි.

කාගිසෝ රබාඩා ලකුණු 36 යි. කීගන් පීටර්සන් හා Kyle Verreynne ලකුණු 21 බැගින් රැස් කළා. රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 16 කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 14 කටත් දැවී ගියා. නායක ඩීන් එල්ගර් ලකුණු 12 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, බෙන් ස්ටොක්ස් කඩුලු 2 ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 40 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...