Watch : නිපන්දුවකට එල්ගර් දැවී ගිය සුපිරි උඩ පන්දුව

Date:

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත් වුණේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු 5 ක් දවා ගනිමින්.

කඩුලු 5කට දකුණු අප්‍රිකාව ලකුණු 77 ක් ලබා දැඩි අසීරු තත්ත්වයකට ඇද වැටී සිටින අතර, ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට මේ දක්වා පත්ව ඇත්තේ කීගන් පීටර්සන්.

ඔහු ලකුණු 21 ක් රැස් කළා. ආරම්භක පිතිකරුවන් වූ Sarel Erwee ලකුණු 3කටත්, ඩීන් එල්ගර් ලකුණු 12කටත් දැවී ගියා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 14 යි. රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 16ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් හා බෙන් ස්ටොක්ස් කඩුලු 2 බැගින් දවා ගත් අතර, ජේම්ස් ඇන්ඩර්සන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

මේ අතර, ජනවාරි මාසයෙන් පසුව පළමු වරට එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන ඔලී රොබින්සන්ට කඩුල්ලක් දවා ගැනීමට තිබූ අනගි අවස්ථාවක් අද අහිමි වී ගියා.

ඒ, ඩීන් එල්ගර් උඩ පන්දුවක් ලබා දී දැවී ගිය ද, රොබින්සන් විසින් අදාළ පන්දුව නිපන්දුවක් ලෙස යොමු කිරීම හේතුවෙනුයි.

එහිදී ඔලී පෝප් විසින් රැක ගත් උඩ පන්දුව ද අති විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක් වීම ද කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...