අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(29) නිවේදනය කළා.
වසරේ 20යි 20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ කෙරුණු සිම්බාබ්වේහි සිකන්ඩා රාසා මෙම සම්මානයට ද නිර්දේශ කර ඇති බවයි අයි.සී.සී සදහන් කළේ.
පාකිස්තානයේ බාබර් අසාම් හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ෂේයි හෝප් යන පිතිකරුවන් දෙදෙනා ද වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු පා දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ද නිර්දේශිත නාම අතරට ඇතුළත්.
නිර්දේශිත ක්‍රීඩකයින් මෙම වසරේ දී දක්වා ඇති දක්ෂතා –
Babar Azam – Pakistan
679 runs in nine matches
Adam Zampa – Australia
30 wickets in 12 matches
Sikandar Raza – Zimbabwe
645 runs and eight wickets in 15 matches
Shai Hope – West Indies
709 runs in 21 matches

