ඇෆ්ඝනිස්තාන නව 20යි 20 නායකයා නිවේදනය කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස රෂීඩ් ඛාන් පත් කර තිබෙනවා.

ඒ, නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව 20යි 20 නායකත්වයෙන් ඉවත් වූ මොහමඩ් නබී වෙනුවටයි.

මීට පෙර ද 2019 වසරේ දී රෂීඩ් ඛාන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම 20යි 20 තරග 7 කදී මෙහෙයවා තිබුණා.

ඊට අමතරව ඔහු එක්දින තරග 7 කදී හා ටෙස්ට් තරග දෙකක දී ද ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

රෂීඩ් ඛාන් නායකත්වය දැරූ 20යි 20 තරග 7 න් තරග 4 ක් ජය ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා.

ඔහුගේ නව නායකත්වය යටතේ ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය 2023 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...