ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම නිවේදනය කෙරේ

Date:

ජූලි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(3) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම නම් අතරට එංගලන්ත, ශ්‍රී ලංකා හා ප්‍රංශ ක්‍රීඩකයෙකු ඇතුළත්ව සිටිනවා.

එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව්, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හා ප්‍රංශ පිතිකරු Gustav McKeon යන ක්‍රීඩකයිනුයි එම නිර්දේශිත නාම අතරට ඇතුළත්ව ඇත්තේ.

ප්‍රභාත් ජයසූරිය ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් අතර, එම තරගයේ දී කඩුලු 12 ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ද ඉහළ දක්ෂතා දැක් වූ ඔහු සිය පළමු ටෙස්ට් තරග තුන අවසන් වන විට බිද හෙලා ඇති කඩුලු ගණන 29 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...