ආසියානු කුසලානයෙන් ශ්‍රී ලංකාවට හිමි වන ආදායම නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකාවේ සත්කාරක අයිතියට යටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක පමණ ආදායමක් හිමිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මේ බව සදහන් කළා.

සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව සතු වන බැවින් ඩොලර් මිලියන 2.5 ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වන බවත්, ප්‍රවේශ පත්‍ර ආදායමෙන් ද ඩොලර් මිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බවත් ලේකම්වරයා පවසා සිටියා.

එමෙන්ම තරගාවලියෙන් ලැබෙන ආදායමෙන් ද ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5 ක හෝ මිලියන 3ක පමණ කොටසක් හිමි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ආසියානු කුසලාන තරගාවලිය මෙරට දී පවත්වන්නේ නම් ඉන්දියාව සමග තරග 2කින් යුත් 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, මේ වන විට එම අවස්ථාව ද අහිමි වී ඇති බවයි ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සදහන් කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වීම ද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරටදී පැවැත්වීමට නොහැකි වීමට බලපෑ බවයි මෙහිදී ලේකම්වරයා සදහන් කර සිටියේ.

LPL තරගාවලියේ සංවිධායකයින් මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් මෙරට පවතින ආර්ථික හා දේශපාලනික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට අකමැත්ත පල කළ බව මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පෙන්වා දුන්නා.

මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බවත්, අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහා ඉන්දීය තරග සංචාරයක නිරත වන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කළා.

ඇෆ්ඝනිස්තානයට හා අයර්ලන්තයට එරෙහිව ද ලබන වසරේ දී තරගාවලි පැවැත්වීමට නියමිතව ඇති බවයි හෙතෙම කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...