ප්‍රභාත්, රමේෂ්, චන්දිමාල් හා ධනංජය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට්, එක්දින හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(3) ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් ප්‍රකාශයට පත් කළා.

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම්හි ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව එම තරගයේ දී කඩුලු 9ක් දවා ගත් දග පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 31 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 19කින්.

වමත් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන් අතර ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට මේ වන විට හිමිව ඇත්තේ 33 වැනි ස්ථානයයි. ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ දී බිද හෙලූ කඩුලු ගණන 8 ක්.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදී ලකුණු 101 ක් වාර්තා කළ දිනේෂ් චන්දිමාල් නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පාකිස්තානයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වා පිතිකරුවන් අතර 49 වැනි ස්ථානයේ සිට 41 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත්ව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මේ අතර, නවතම පන්දුවාර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් සමත්ව තිබෙනවා.

20යි 20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි සමත්ව තිබීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...