ICC නව සභාපති නිතරගයෙන් පත් වන ලකුණු

Date:

දෙවැනි වරටත් ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) සභාපති ධූරය සදහා නවසීලන්ත ජාතික Greg Barclay තේරී පත් වීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

2020 වසරේ දෙසැම්බර් මාසයේ දී යි ඔහු පළමු වරට සභාපති ධූරය සදහා තේරී පත් වුණේ.

සභාපතිවරයෙකුට තෙවරක් අයි.සී.සී සභාපති ධූරයේ කටයුතු කළ හැකි අතර, එක් ධූර කාලයක් වසර දෙකක කාලයක් සදහා වලංගු වනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර නිළවරණය සදහා ඔහු සමග වෙනත් කිසිදු ප්‍රතිවාදී අපේක්ෂකයෙකු තරග නොකරනු ඇති බවයි.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති Tavengwa Mukuhlani අයි.සී.සී සභාපතිවරයා තේරීමට අදාළ නිලවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලබා දී තිබුණ ද, ඔහු එය ඉවත් කර ගැනීමට සූදානමින් සිටින බව සදහන්.

අයි.සී.සී නිලවරණය හෙට(12) මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...