T20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානයට නිර්දේශ නම් 9 ක් ; ශ්‍රී ලාංකිකයෙකුත් ඒ අතර

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය සදහා වන නිර්දේශිත නාම 9 ක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු, පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු, සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු හා ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් ඊට නිර්දේශ කර ඇත්තේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගයි.

ඔහු මෙවර තරගාවලියේ දී කඩුලු 15 ක් දවා ගෙන ඇති අතර, තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන්නේ ද වනිදු හසරංගයි.

ඉන්දියාව වෙනුවෙන් මෙවර තරගාවලියේ දී පිත්තෙන් ඉහළ දක්ෂතා දැක් වූ විරාට් කෝලි හා සූර්යකුමාර් යාදව් යන ක්‍රීඩකයින් ද මෙම සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

ඊට නිර්දේශ කර ඇති පාකිස්තාන ක්‍රීඩකයින් වන්නේ ශඩාබ් ඛාන් හා ශහීන් ශාහ් අෆ්ර්ඩි යන ක්‍රීඩකයින්.

සෑම් කරන්, ජොස් බට්ලර් හා ඇලෙක්ස් හේල්ස් යන එංගලන්ත ක්‍රීඩකයින් ද අයි.සී.සී ය විසින් මෙම සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්ඩ රාසා ද තරගාවලියේ වීරයා සම්මානය සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්.

තරගාවලියේ වීරයා තෝරා ගැනීම සදහා සිය මනාපය පල කිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ද මෙවර ලබා දී තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...