පාකිස්තාන සුපිරි පිතිකරු ෂොයිබ් මලික් හා ඉන්දීය ටෙස්ට් ක්‍රීඩිකා සානියා මිර්සා දික්කසාද වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන්ගේ දික්කසාදය පිළිබද කටකතා මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.
මලික් හා මිර්සා 2010 වසරේ දී යුග දිවියට එළඹුනු අතර, වසර 12 ක යුග දිවියෙන් වෙන් වීමට අදාළ නිවේදනයක් ඔවුන් දෙදෙනා විසින් ඉදිරියේ දී සිදු කරනු ඇති බවටයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ.

