ICC තරගාවලි විකාශන අයිතියෙන් කොටසක් ZEE වෙත හිමි වෙයි ; තරග බලන්න වෙන්නේ මෙහෙමයි

Date:

2024 වසරේ සිට 2027 වසර දක්වා අයි.සී.සී තරගාවලියන්හි ඉන්දීය කලාපයේ විකාශන අයිතිය හිමි කර ගත් Disney Star (Star Sports) සමාගම විසින් එම අයිතියෙන් කොටසක් එරට ‘සී’ (Zee) මාධ්‍ය ජාලය (Zee Entertainment Enterprises) වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ කාලයේ දී පැවැත්වෙන පිරිමි හා වයස අවුරුදු 19න් පහළ අයි.සී.සී තරගාවලියන්හි සජීවී රූපවාහිනී විකාශන කටයුතු සී මාධ්‍ය ජාලය ඔස්සේ සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, එම තරගාවලියන්හි ඩිජිටල් විකාශන අයිතිය තවදුරටත් Disney Star සතු වන බැවින් එම තරග Hotstar වෙතින් ද සජීවීව විකාශය කරනු ඇති.

අයි.සී.සී කාන්තා තරගාවලියන්හි ඉන්දීය කලාපීය රූපවාහිනී හා ඩිජිටල් විකාශන අයිතිය තවදුරටත් Disney Star සතු වනවා.

Disney Star හා Zee ආයතන විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම තොරතුරු අනාවරණය කළා.

මේ සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ ද එකගතාවයක් හිමිව ඇති බව සදහන්.

Viacom, Sony හා Zee යන සමාගම් ද අයි.සී.සී තරගාවලියන්හි ඉන්දීය කලාපීය විකාශන අයිතිය ලබා ගැනීම සදහා පසුගිය 26 වැනිදා ලංසු ඉදිරිපත් කර තිබූ නමුත්, ඉන් ජයග්‍රහනය කළේ Disney Star සමාගයි.

2024 වසරේ සිට 2027 වසර දක්වා කාලයේ දී පිරිමි අයි.සී.සී තරගාවලි 4 ක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව 2024 හා 2026 වසරවලදී 20යි 20 ලෝක කුසලාන තරගාවලි ද, 2025 වසරේ දී අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය ද, 2027 වසරේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ (ILT20) විකාශන අයිතිය ද මීට පෙර Zee මාධ්‍ය ජාලය විසින් හිමි කර ගත්තා.

වසර 10ක කාලයක් සදහා ඔවුන් එම විකාශන අයිතිය හිමි කර ගත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 120 ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...