ශ්‍රී ලංකාව ලකුණු 99 ක් ඉදිරියෙන්

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රියේ නිමා වුණා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 2 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 480 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශෙවෝන් ඩැනියල් ලකුණු 155 රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. පන්දු 237 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 25 ක් ඇතුළත්.

විනුජ රන්පුල් ලකුණු 65 ක් ද, පවන් පතිරාජ ලකුණු 55 ක් ද ලබා ගත් අතර, අභිෂේක් ලියනආරච්චි ලකුණු 49 කට දුවද්දී දැවී ගියා.

නායක රවීන් ද සිල්වා නොදැවී ලකුණු 65 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Benjamin Cliff හා Bertie Foreman කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඩර්බිහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 381 ක් ලබා ගත්තා. මැතිව් හර්ස්ට් ලකුණු 116 ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු හැරී සිං ලකුණු 104 යි.

පන්දු යැවීමේදී වනුජ සහන්, දුවිදු රණතුංග, සහන් මිහිර හා රවීන් ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 99 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...