ඔස්ට්‍රේලියාව හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට අන්ත පරාජයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක දැවැන්ත පරාජයක් අත් කර ගනිමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පරාජයට පත් වීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(31) සිදු වුණා.

ටවුන්ස්විල් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 27.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 96 ක් පමණයි.

ශෝන් විලියම්ස් ලකුණු 29 ක් රැස් කළ අතර, සිකන්ඩ රාසා ලකුණු 17 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඇඩම් සම්පා කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 21 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 14.4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(100/2)

ආරෝන් ෆින්ච් එක් ලකුණකටත්, ඩේවිඩ් වෝනර් ලකුණු 13 කටත් දවා ගැනීමට Richard Ngarava සමත් වුණා.

අනතුරුව ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 47 ක් හා ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 26 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...