Asia Cup Final : ප්‍රවේශ පත්‍ර රැසක් අවසන් ; ක්‍රිකට් ආයතනයෙන් ප්‍රවේශ පත්‍ර ගැන නිවේදනයක්

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රේක්ෂකාගාර කිහිපයක ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව C හා D Lower මෙන්ම C හා D Upper යන ප්‍රේක්ෂකාගාරවල ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්ව ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, A Lower, A Upper, B Lower, B Upper හා Grand Stand යන ප්‍රේක්ෂකාගාරවල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා තවදුරටත් අවස්ථාව පවතිනවා.

https://pcb.bookme.pk වෙබ් ලිපිනය හරහා ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ මිල දී ගත හැකියි.

එමෙන්ම කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ද (දොරටු අංක 6) ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එම ප්‍රවේශ පත්‍ර කවුළු පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විවෘතව තැබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා (17) පස්වරු 3ට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ප්‍රවේශ පත්‍ර මිල ගණන් –

  • C and D Lower : Rs. 640.00 ( SOLD OUT )
  • C and D Upper : Rs. 1600.00 ( SOLD OUT )
  • A Lower : Rs. 6400.00
  • A Upper : Rs. 11200.00
  • B Lower : Rs. 6400.00
  • B Upper : Rs. 8000.00
  • Grand Stand : Rs. 40000.00

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...