Watch : භානුකගේ 86 (49) කිංග්ස් පිලට ජය ගෙනෙයි

Date:

භානුක රාජපක්ෂගේ සුපිරි පිතිහරඹය හමුවේ මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේ දී ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

ගයානා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 167 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

භානුක පන්දු 49 කින් ලකුණු 86 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 9 ක් සමගින්. (දර්ශන පහතින්) කොලින් මන්රෝ ලකුණු 55(43) යි.

පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් පිල වෙනුවෙන් අසාම් ඛාන් ලකුණු 40 ක් හා ෂේයි හෝප් ලකුණු 38 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ භානුක රාජපක්ෂ.

භානුකගේ සුපිරි ඉනිම ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...