ඓතිහාසික ටෙස්ට් තරගාවලිය සදහා දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ක්වෙන්ටන් ඩී කොක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්.

Daryn Dupavillon සහ Ottneil Baartman පළමු වරට ජාතික සංචිතයට කැදවා ඇති අතර, ශ්‍රී ලංකා තරගාවලියට ක්‍රීඩා නොකළ කාගිසෝ රබාඩා සහ Dwaine Pretorius ද සංචිතයට නම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

පළමු ටෙස්ට් තරගය ජනවාරි 26 වනදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ වසර 14කට පසුවයි.

දකුණු අප්‍රිකා සංචිතය –

Quinton de Kock (c), Temba Bavuma, Aiden Markram, Faf du Plessis, Dean Elgar , Kagiso Rabada, Dwaine Pretorius, Keshav Maharaj , Lungi Ngidi , Rassie van der Dussen , Anrich Nortje , Wiaan Mulder , Lutho Sipamla , Beuran Hendricks , Kyle Verreynne , Sarel Erwee , Keegan Petersen , Tabraiz Shamsi , George Linde , Daryn Dupavillon , Ottniel Baartman

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...