ඉන්දියාව ලකුණු 242ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(8) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 96ක්.

ෂුබ්මන් ගිල් ලකුණු 50ක් රැස් කළ අතර, රෝහිට් ෂර්මා ලකුණු 26යි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් සහ ජොෂ් හෙසල්වුඩ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

සිඩ්නි හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 166ක් ලබා සිටියා.

ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 338කට සීමා වුණේ ස්ටීව් ස්මිත්ගේ ශතකයෙන් සවිමත් වෙමින්.

පළමු තරග දෙකේ දී අසාර්ථක වූ ඔහු මෙම ඉනිමේ දී ලකුණු 131ක් ලබා ගත්තේ හතරේ පහර 16ක් ඉනිමට එක් කරමින්.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ස්මිත් දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජාගේ සුපිරි පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යාමකට ගොදුරු වෙමින්. (දර්ශන පහතින්)

මර්නස් ලබුෂේන් ලකුණු 91කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා සහ නව්දීප් සයිනි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 242ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...