අලුත් වූ ඉරියව්වෙන් අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියට පිවිසීමට අවසර

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නීත්‍යානුකූල බවට ජගත් ක්‍රිකට් කවුන්සල තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුට ඉදිරියේ දී ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ හැකියාව පවතිනු ඇති.

ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වනදා ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත භාර දී තිබුණා.

එම දර්ශන නැරඹීමෙන් පසුව ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට වසර දෙකක කාලයක් තුළ දී අවස්ථා දෙකකදී තහවුරු වීම හේතුවෙන් ඔහුට 2019 වසරේ සැප්තැම්බර් 19 වනදා අයි.සී.සීය විසින් වසරක කාලයක් පන්දු යැවීමේ තහනමක් පැනවීමට තීරණය කළා.

පළමු වරට අකිල ධනංජයට 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී පන්දු යැවීමේ තහනමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ නමුත්, අනතුරුව ඔහු සිය ඉරියව්ව නිවැරැදි කර ගනිමින් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දුන් අතර, ඉන් සමත් වීමට අකිල ධනංජයට හැකිවුණා.

ඒ අනුව 2019 වසරේ පෙබරවාරි මාසයේ දී ඔහුට යළි ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමේ අවස්ථාව හිමි වුණා.

කෙසේ වෙතත්, ඔහුගේ ඉරියව්ව සැක සහිත බවට 2019 වසරේ අගෝස්තු මාසයේ දී යළි චෝදනා එල්ල වූ අතර, ඊට අදාළව ඔහු මුහුණ දුන් පරීක්ෂණයෙන් අකිල ධනංජය අසමත් වීමත් සමගයි වසරක පන්දු යැවීමේ තහනමක් පැනවුණේ.

යම් පන්දු යවන්නෙකු වසර දෙකක කාලයක් තුළ දී දෙවරක් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකින් අසමත් වුවහොත් ඔහුට මාස 12 පන්දු යැවීමේ තහනමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනවා.

අදාළ වසරක තහනම අවසන් වීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අදාළ දර්ශන අයි.සී.සීය වෙත පසුගියදා යොමු කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...