ඉන්දියාවට කඩුලු 8ක ජයක් – තරගාවලියත් සම තත්ත්වයට

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, තරගය ජය ගැනීම සදහා දෙවන ඉනිමේ දී හිමි වූ ලකුණු 70ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සිටියදී සපුරා ගැනීමට ඉන්දියාව සමත් වීමත් සමගයි.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 35ක් සහ නායක අජින්කෙයා රහානේ නොදැවී ලකුණු 27ක් රැස් කළා.

මෙල්බර්න්හි පැවැති තරගයේ සිව්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 200කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

කැමරන් ග්‍රීන් ලකුණු 45ක් සහ මැතිව් වේඩ් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් ලකුණු 37කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 195ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 326ක්.

ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක අජින්කෙයා රහානේ ලකුණූ 112ක් ලබා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...