පිතිකරණ පුහුණුකරුගෙන් LPL තරගාවලියට දොස්

Date:

තරගාවලිය සදහා මනා සූදානම්වීමක් නොමැති වීම දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා දුර්වලවීමට හේතු වී ඇති බව පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසනවා.

තරගයේ ආරම්භක දිනයේ දී ශ්‍රී ලංකාව හොදින් දක්ෂතා ප්‍රදර්ශනය කළ ද මේ වන විට ඔවුන් ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක නිරත වෙමින් සිටිනවා.

පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 396ක්.

එය දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමක ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිමෙන් පසුව තරගයේ වැඩි ගෞරව හිමිවූයේ දකුණු අප්‍රිකාවටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිගින් දිගටම ආබාධවලට ලක්වීම ඊට බලපෑ ප්‍රධාන හේතුවක්.

මේ වන විට ධනංජය ද සිල්වා, කසුන් රාජිත, ළහිරු කුමාර, වනිදු හසරංග සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්ව තිබෙනවා.

තරගාලිය ආරම්භ වීමට පෙර සුරංග ලක්මාල් ද ආබාධයකට ලක් වූ අතර, එල්.පී.එල් තරගාවලියේ දී සිදු වූ ආබාධයක් හේතුවෙන් ඕෂද ප්‍රනාන්දුට ද පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

එල්.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ද මෙම ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ අනුව ටෙස්ට් සංචිතයේ සිටින ක්‍රීඩකයින් විසි දෙදෙනො අතරින් මේ වන විට ආබාධවලට ලක්වූ සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 8ක්.

“මම හිතන්නේ නැහැ අපේ සූදානම් වීම හොද තත්ත්වයක තිබුණා කියලා.” යනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සදහන් කළා.

“අපිට මේ තරගාවලියට පෙර එල්.පී.එල් තරගාවලිය තිබුණා. මට තේරෙනෙවා ඔවුන් එක් පැවැත්වීමට කටයුතු කළේ ඇයි කියලා. කොරෝනා වෛරසය සහ ආර්ථික තත්ත්වය නිසා අපිට එය අවශ්‍යයි, නමුත් අනිවාර්යයෙන්ම ටෙස්ට් ක්‍රීඩාව සදහා එය නිවැරැදි සූදානම් වීම නොවෙයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...