ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් 9ට බසියි

Date:

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉතිරි දින 3 ක්‍රීඩකයින් 9 දෙනෙකුගේ සේවය සහිතව ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.

ඒ, තරගයේ දෙවන දිනයේ දී පාදයක ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට මෙම තරගයේ දී යළි පන්දු යැවීමේ අවස්ථාව අහිමි වීම හේතුවෙන්.

දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී කසුන් රාජිත පන්දුවාර 2.1ක් යොමු කිරීමෙන් පසුව මෙම ආබාධයට ගොදුරු වුණා.

අනතුරුව පිටියෙන් ඉවත්ව යාමටයි ඔහු කටයුතු කළේ.

ඇතැම් විට ඔහුට තරගාවලියේ අවසන් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය හැකි බවටයි වාර්තා වන්නේ.

තරගාවලිය ආරම්භ වීමට පෙරම ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ආබාධයන්ට ලක් වූ අතර, මෙම තරගයේ පළමු දිනයේ දී ධනංජය ද සිල්වා ද ආබාධයකට ලක් වුණා.

කසුන් රාජිත ද ආබායකට ලක් වීමත් සමග මේ වන විට ටෙස්ට් සංචිතයේ ආබාධයන්ට ලක් වී ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 5ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...