දකුණු අප්‍රිකාව ලකුණු 79ක් පිටුපසින්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(27) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 317ක්.

නොදැවී පන්දුව පහර දෙමින් සිටි ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 55ක් සහ ටෙම්බා බවුමා ලකුණු 41ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දකුණු අප්‍රිකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ඩීන් එල්ගර් ලකුණු 95ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 68ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 141ක්.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, දසුන් ශානක සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

කසුන් රාජිත පන්දුවාර 2.1ක් යොමු කිරීමෙන් පසුව ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

අද දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවි ලකණු 340ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 396කට සීමා වුණේ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 85න් සහ ධනංජය ද සිල්වාගේ ලකුණු 79න් ශක්තිමත් වෙමින්.

සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දසුන් ශානක නොදැවී ලකුණු 66යි.

පන්දු යැවීමේ ලුතෝ සිපම්ලා කඩුලු 4ක් සහ වියාන් මුල්ඩර් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 79ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...