“සනත් බැන්න නිසා කොණ්ඩෙ ආයෙ කලු කරන්න පවුම් 50කට වඩා ගියා” – මෙන්ඩිස්

Date:

කොණ්ඩය පාට කිරීම තරුණ තරුණියක් අතර ජනප්‍රිය විලාසිතාවක්.

එය ජනප්‍රිය පුද්ගලයිටත් පොදුයි.

මෙලෙස කොණ්ඩය පාට කිරීමේ විලාසිතාවක් කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තේරීම් කමිටු සභාපතිවරයාගෙන් බැණුම් ඇසීමට සිදු වූ පුවතක් අද(31) අණාවරණය වුණා.

ඒ, ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාලා මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර පැවැති සජීවී සංවාදයකදීයි.

එංගලන්ත තරග සංචාරයකදී මෙලෙස කොණ්ඩ විලාසිතාවක් සිදු කර එවකට සිටි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් බැණුම් ඇසූ ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස්.

පවුම් 50ක පමණ මුදලක් වැය කර කුසල් මෙන්ඩිස් මෙම කොණ්ඩ විලාසිතාව සිදු කර ඇති අතර, ධනංජය ද සිල්වා ද ඔහු සමග කොණ්ඩ විලාසිතාව සිදු කිරීමට එක් වී තිබෙනවා.

කොණ්ඩ විලාසිතාව සිදු කිරීමෙන් පසු එය දුටු තේරීම් කමිටු සභාපතිවරයා ක්‍රීඩකයින් දෙදෙනාට දැඩි ලෙස දොස් නැගූ බවත්, අනතුරුව යළි කොණ්ඩය පැවැති තත්ත්වයට පත් කර ගැනීම සදහා පළමුව වැය වූ මුදලටත් වඩා වැඩි මුදලක් වැය වූ බවත්, මෙම සංවාදයේ දී කුසල් මෙන්ඩිස් සදහන් කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...