අක්මාල්ගේ අභියාචනය සලකා බැලීමට ස්වාධීන විනිසුරුවරයෙකු පත් කෙරේ

Date:

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තමන්ට එරෙහිව පැනවූ වසර 3ක ක්‍රිකට් තහනමට එරෙහිව පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් විසින් ගොණු කළ අභියාචනය සලකා බැලීමට ස්වාධීන විනිසුරුවරයෙකු ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Faqir Muhammad Khokhar පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අභියාචනය සලකා බලන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා දෙකක් උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වී තිබූ අතර, ඒ අනුවයි ඔහුට වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවුණේ.

එම තහනම මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පළමු වරට තාවකාලික තරග තහනමක් පැනවූ පසුගිය පෙබරවාරි 20 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව තරග පාවාදීම සදහා ඔහුට කෙරුණු යෝජනා පිළිබද තොරතුරු වාර්තා නොකිරීම උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...