“උඹ කොහොමත් ෆේල් නිසා 13 ගන්න කියල මාලි අයියා කීවා” – මෙන්ඩිස් කමිස අංකයට හේතු පහදයි

Date:

කුසල් මෙන්ඩිස් සිය කමිස අංකය 13 ලෙස මෑතකදී වෙනස් කිරීමට ගත් තීරණයට හේතුව අද(31) අණාවරණය කළා.

ඒ, ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාලා මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර පැවැති සජීවී සංවාදයකදීයි.

එහිදී කුසල් මෙන්ඩිස් සදහන් කළේ ලසිත් මාලිංග විසින් අංක 13 තමන්ට ලබා ගන්නා ලෙස පැවසූ බවයි.

ඒ අනුව තමා ලබා ගැනීමට කැමැත්තෙන් සිටි අංකය වූ අංක 22 වෙනුවට තමා අංක 13 ලබා ගත් බව කුසල් මෙන්ඩිස් සදහන් කළා.

අසුබ ඉලක්කමක් ලෙස අංක 13 සැලකුණ ද ලසිත් මාලිංග විසින් තමාට එය ලබා ගන්නා ලෙස පැවසූ බවයි කුසල් මෙන්ඩිස් සදහන් කර සිටියේ.

“ඕක කවුරුත් ගන්නේ නෑනෙ. හැමෝම කියනව අසුබයි කියල. උඹ කොහොමත් අසාර්ථකයිනෙ. ඒ නිසා 13 ගන්න කියල මට කීවා. අනිවාර්යයෙන් ඊළග මැච් එකේ 100ක් ගහනව කියලත් කීවා. ගහල මට (මාලිංගට) කෝල් එකක් ගන්න කියල කීවා. ඒ කිව්ව වගේම මම කොදෙව්වව්න්ට එරෙහිව 100ක් ගැහුව. ගහල මම මාලි අයියට කෝල් එකක් ගත්තා.”

යනුවෙන් කුසල් මෙන්ඩිස් කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...