නවසීලන්තය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ අභියසටම – ඔස්ට්‍රේලියාව දශම ගණනකින් පෙරමුණේ

Date:

අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට වඩාත් සමීප වීමට නවසීලන්ත කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය ඉනිමක හා ලකුණු 12ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියේ ජය ද තරග 2-0ක් ලෙස නවසීලන්තයට හිමි වුණා.

මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ රැකගෙන සිටින ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 116.461ක් ලබා සිටින අතර, දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය ප්‍රසාද ලකුණු 116.375ක් හිමි කර ගෙන සිටිනවා.

මේ අතර නවසීලන්තය අද ලැබූ ටෙස්ට් ජයග්‍රහනයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ඔවුන් සමත් වුණා.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා මේ වන විට නවසීලන්තයට ද වැඩි අවස්ථාවක් පවතිනවා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන තීරණය වනුයේ කණ්ඩායම් ලබා ගන්නා ජයග්‍රහන ප්‍රතිශත අනුවයි.

ඒ අනුව එහි පෙරමුණ ඔස්ට්‍රේලියාවටත්, දෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමිව ඇති අතර, එංගලන්තය 4 වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි.

  • ලකුණු සටහන –

වෙලින්ටන්හි පැවැති කොදෙව් – නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 460ක් ලබා ගත්තේ හෙන්රි නිකල්ස් රැස් කළ ලකුණු 174න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දී ෂැනොන් ගේබ්‍රියල් සහ අල්සාරි ජෝෂප් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.

ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 69ක් ලබා ගත් අතර, පන්දු යැවිමේ දී ටිම් සවුති සහ ක්යිල් ජමිසන් අතරේ කඩුලු 5 බැගින් බෙදී ගියා.

අනතුරුව අඛණ්ඩව දෙවැනි ඉනිම ද ක්‍රීඩා කළ කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 317ක් පමණයි.

ජෝන් කැම්ප්බෙල් ලකුණු 68ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් සහ නෙයිල් වෑග්නර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

හෙන්රි නිකල්ස් තරගයේ වීරයා ලෙසත්, ක්යිල් ජමිසන් තරගාවලියේ වීරයා ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...