මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙණ දකුණු අප්‍රිකා තරග සංචාරය අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මුහුණ දුන් දකුණු පාදයේ ආබාධය හේතුවෙන්.

ආබාධය හේතුවෙන් මැතිව්ස්ට ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී යැවිය හැකි වූයේ පන්දුවාර 3.1ක් පමණයි.

අනතුරුව පන්දු රැකීමෙන් ද ඔහු ඉවත් වුණා.

මේ අතර, එල්.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ ඕෂද ප්‍රනාන්දුට ද පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි බව සදහන්.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 17 වනදා දිවයිනෙන් පිටව යන අතර, පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...