ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු හෙන්රික්ස් ඉන්දියාවට එරෙහිව කැදවයි

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මොයිසස් හෙන්රික්ස් ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් නම් කර තිබෙනවා.

ඒ, ආබාධයක් හේතුවෙන් ශෝන් ඇබොට් හට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා ශෝන් ඇබොට් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු පුහුණු තරගයේ දී යි ඔහු මෙම ආබාධයට ගොදුරු වුණේ.

ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයට ආදේශ කළ මොයිසස් හෙන්රික්ස් අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ මීට වසර 4කට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයක් සදහායි.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 17 වනදා ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...