අවසන් වටයේ ක්‍රමවේදය ගැන ඇමති නාමල් කණගාටුවෙන්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එහිදී පළමු අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත් වූ කලම්බු කිංග්ස් කණ්ඩායම තරගාවලිය පුරා හොදින් දක්ෂතා දැක් වුව ද අවාසනාවන්ත ලෙස අවසන් තරගයට සුදුසුකම් නොලැබූ බව ද අමාත්‍යවරයා සදහන් කළා.

මෙවර තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව තිබුණේ කලම්බු කිංග්ස් කණ්ඩායම වන අතර, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි වූයේ එහි සිව්වන ස්ථානයයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අවසන් පූර්ව තරග වෙනුවට ලබන වසරේ සිට අවසන් වටයේ තරග සදහා playoffs ක්‍රමවේදය ඇතුළත් කිරීමට තරගාවලි සංවිධායකයින්ගේ අවධානය යොමු වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.

අයි.පී.එල් තරගාවලියේ දී ද playoffs ක්‍රමවේදය භාවිතා කරන අතර, එහිදී මූලික වටයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක සදහා අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අමතර අවස්ථාවක් ලබා දෙනවා.

කොළඹ කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද අදාළ ක්‍රමවේදයේ අවශ්‍යතාවය අවස්ථා කිහිපයකදීම මේ වන විට පෙන්වා දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...