නිකල්ස්ගෙන් ශතකයක් – නවසීලන්තය 294/6

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(11) වෙලින්ටන්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

ඒ අනුව පළමු දිනය නිමා වන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 294ක්.

කේන් විලියම්සන් සහ ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත අපේක්ෂාවෙන් පසු වන බැවින් විලියම්සන් මෙම තරගය සදහා ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට ටොම් ලේතම් විසිනුයි නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ.

ටොම් ලේතම් නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 27ක් රැස් කළ අතර, විල් යන්ග් ලකුණු 43යි.

නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ හෙන්රි නිකල්ස් සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 117ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහරක් සහ හතරේ පහර 15ක් ඉනිමට එක් කරමින්.

ඩැරල් මිචෙල් ලකුණු 42ක් සහ බී.ජේ. වොට්ලින් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් ෂැනොන් ගැබ්‍රියල් කඩුලු 3ක් සහ චෙමාර් හෝලඩර් කඩුලු 2ක් බිද හෙලුවා.

ගැබ්‍රියල් අද දිනයේ දී සිය 150 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත්වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...