“ගුණතිලකට මීළග සංගක්කාර විය හැකියි” – අෆ්රිඩි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එම කණ්ඩායමේ නිත්‍ය නායක ශහිඩ් අෆ්රිඩි පාකිස්තානයේ සිට සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එහිදී ඔහු ගාලු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ දක්ෂතා ද ඇගයීමට ලක් කළා.

ගුණතිලකට ශ්‍රී ලංකාවේ මීළග සංගක්කාර (කුමාර්) විය හැකි බවයි ඔහු අදාළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලක මේ වන විට මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද වනවා.

ඔහු තරග 8කදී රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 462ක්.

ඉනිමක සාමාන්‍ය 77ක් තරම් ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්.

ගාලු කණ්ඩායමේ නිත්‍ය නායක ශහිඩ් අෆ්රිඩි තරගාවලිය අතරමැද දී යළි පාකිස්තානය බලා පිටව ගියේ පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...