රබාඩාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි – නායකත්වය ඩී කොක්ට – සංචිතය මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(11) ප්‍රකාශයට පත් කෙරුණා.

කණ්ඩායමේ නායකත්වය ක්වෙන්ටන් ඩී කොක්ට හිමිව ඇති අතර, Glenton Stuurman, Sarel Erwee සහ Kyle Verreynne යන ක්‍රීඩකයින් පළමුවරට ටෙස්ට් සංචිතය සදහා නම් කර තිබෙනවා.

ආබාධ හේතුවෙන් කාගිසෝ රබාඩා සහ ඩ්වේයින් ප්‍රෙටෝරියස්, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා, එනම් බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වන්නේ සෙන්චූරියන්හී දීයි.

දෙවැනි ටෙස්ට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග්හී දී ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ලබන 17 වනදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

දකුණු අප්‍රිකා සංචිතය –

Quinton de Kock (c), Temba Bavuma, Aiden Markram, Faf du Plessis, Beuran Hendricks, Dean Elgar, Keshav Maharaj, Lungi Ngidi, Rassie van der Dussen, Sarel Erwee, Anrich Nortje, Glenton Stuurman, Wiaan Mulder, Keegan Petersen, Kyle Verreynne.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...