බුම්රා එල්ල කළ පහරක් හිසේ වැදීමෙන් කැමරන් තරගයෙන් ඉවත් කෙරේ

Date:

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් අද(11) අනතුරකට මුහුණ දුන්නා.

ඒ, සංචාරක ඉන්දීයානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම අතර අද ආරම්භ වූ දෙවන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ දී යි.

දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය සිඩ්නිහී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක අජින්කෙයා රහානේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.

පළමු දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වූයේ ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් මුහුුණ දුන් අනතුරයි.

පන්දු යවමින් සිටියදී පන්දුවක් කැමරන් ග්‍රීන්ගේ හිසේ වැදීමෙනුයි ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේ.

ඉන්දීය පසුපෙළ පිතිකරුවෙකු වන ජස්ප්‍රිට් බුම්රා එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව මෙලෙස ඔහුගේ හිසේ වැදුණා.

එම අවස්ථාවේ දී ම විනිසුරුවරයා මෙන්ම පන්දු යැවීමේ අන්තයේ රැදී සිටි පිතිකරු මොහොමඩ් සිරාජ් ද කඩිනමින් කැමරන් ග්‍රීන් වෙත දිව ආ අතර, පසුව වෛද්‍ය කණ්ඩායම් විසින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නා.

කෙසේ වෙතත්, ඔහුව තරගයෙන් ඉවත් කිරීමට පසුව පියවර ගත් අතර, ඔහු වෙනුවට Patrick Rowe ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට ආදේශ කෙරුණා.

පළමු පුහුණු තරගයේ ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ විල් පුකොව්ස්කි ද පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට මුහුණ දුන්නා.

කැමරන් ග්‍රීන් මුහුණ දුන් අනතුරෙහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...