රසල් ආනල්ඩ් හොඳම LPL කණ්ඩායම නම් කරයි

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා විසින් මෙවර එල්.පී.එල් තරගාවලියේ මේ දක්වා දක්ෂතා දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් හොදම 11 දෙනාගේ කණ්ඩායම නම් කර තිබෙනවා.

ඔහු එය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි ප්‍රකාශයට පත් කළේ.

තරගාවලිය සම්පූර්ණයෙන් අවසන් වී නොමැති පසුබිමක රසල් ආර්නල්ඩ් මහතා සිය හොදම කණ්ඩායම මෙලෙසින් නම් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, එම කණ්ඩායමට ඔහු විසින් නායකයෙකු නම් කර නැහැ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ද රසල් ආනල්ඩ් මහතා කටයුතු කරනවා.

රසල් ආර්නල්ඩ් නම් කළ එල්.පී.එල් කණ්ඩායම පහතින් –

  • දනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, දිනේශ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් ශානක, තිසර පෙරේරා, වනිඳු හසරංග, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...