පන්දුව හිසේ වැදීමෙන් ඉන්දියාවට එරෙහි තරගයේ දී පුකොව්ස්කි අනතුරක

Date:

හිස් ආවරණයේ පන්දුවක් වැදීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු යොවුන් පිතිකරු විල් පුකොව්ස්කි අද(8) අනතුරකට මුහුණ දුන්නා.

ඒ, ඉන්දිය A කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු A කණ්ඩායම අතර පැවති තෙදින පුහුණු තරගයේ අවසන් දිනයේ දී යි.

ඔස්ට්‍රේලියානු දෙවන ඉනිමේ 13 වන පන්දුවාරයේදී ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක කාර්තික් තියාගි යොමු කළ වේගවත් බවුන්සර් පන්දුවක් ආරම්භක පිතිකරු විල් පුකොව්ස්කිගේ හිස් ආවරණයේ ඉහළ කොටසේ තරමක් තදින් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට ලකුණු 23ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන නමුත්, කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන මීළග පුහුණු තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම අනතුර හේතුවෙන් අහිමි වනු ඇති බව සදහන්.

මීට පෙර අවස්ථා 8කදී පමණ විල් පුකොව්ස්කි මේ ආකාරයේ අනතුරුවලට මුහුණු දී තිබුණා.

ඔහු ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට ද නම් කර තිබෙනවා

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 17 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙස ඇඩිලේඩ්හී දී ආරම්භ වීමට නියමිතයි.

අනතුරෙහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...