කෝලිගේ සටන අපතේ යවමින් ස්වෙප්සන් ඔස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

Date:

ඉන්දියාව සමග පැවැති තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(8) සමත් වුණා.

කෙසේ වෙතත්, තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

සිඩ්නි හි පැවැති තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් ලබා ගනිමින්.

මැතිව් වේඩ් සමගින් ඉනිම ආරම්භ කළ නායක ආරෝන් ෆින්ච් ලකුණු නොලබා දැවී ගියා.

ස්ටීවන් ස්මිත් ලකුණු 24කට දැවී ගිය අතර, මැතිව් වේඩ් පන්දු 53කින් ලකුණු 80ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින්.

හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ඉනිමට එක් කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 36කින් ලකුණු 54 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් වොෂින්ටන් සුන්දර් කඩුලු 2ක් බිද හෙලූ අතර, ටී.නටරාජන් සහ ශර්දුල් තාකූර් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 174ක් පමණයි.

නායක විරාට් කෝලි පන්දු 61කින් ලකුණු 85 ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින්.

කෙසේ වෙතත්, ඔහු ලබා දුන් උඩ පන්දු දෙකක් පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය අතර, ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීම සදහා මැතිව් වේඩ්ට ලද අවස්ථාවක් ද ගිලිහී ගියා.

ශිකර් දවාන් ලකුණු 28ක් රැස් කළ අතර, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්වෙප්සන් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ හර්ඩ්ක් පාන්ඩ්යා.

මේ අතර, මෙම තරගයේ දී ස්ටීවන් ස්මිත් හයේ පහරක් වළක්වා ගැනීම සදහා දැරූ විශිෂ්ඨ උත්සාහය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. (එහි දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...