ස්ටොක්ස්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Date:

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පියා වන ජෙඩ් ස්ටොක්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මොළයේ පිළිකා රෝගයකින් පීඩා විදි ඔහු මියයන විට 65 වන වියේ පසු වුණා.

හිටපු රග්බි ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වූ ජෙඩ් ස්ටොක්ස් පසුගිය ජනවාරි මාසයේ දී පිළිකා රෝගයෙන් පීඩා විදින බවට අණාවරණය වූ අතර, මෙම වසර මුල දී ජොහැන්ස්බර්ග් රෝහලකට සති පහක පමණ කාලයක් දැඩි ලෙස රෝගාතුර වී ප්‍රතිකාර ලබා ගත්තා.

කෙසේ වෙතත්, ඔහු සිය බිරිද සමග නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරට යළි පැමිණි අතර, ඔහු මිය යන තුරු එහි රැදී සිට තිබෙනවා.

පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් සිය උපන් රට වන නවසීලන්තය බලා බෙන් ස්ටොක්ස් මීට පෙර පිටව ගොස් සිටි අතර, ඒ හේතුවෙන් එංගලන්තය ක්‍රීඩා කළ තරග රැසකට සහ අයි.පී.එල් තරග කිහිපයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද බෙන් ස්ටොක්ස්ට අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...