පියාගේ අභාවය නිසා කොදෙව් සුපිරි වේග පන්දු යවන්නා යළි සිය රටට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කෙමා රෝච් සහ ෂේන් ඩව්රිච්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාටම පෞද්ගලික හේතූන් මත යළි කොදෙව් දේශය බලා පිටව යාමට සිදුව තිබීම හේතුවෙන්.

කෙමා රෝච් යළි සියරට බලා පිටත්ව යාමට තීරණය කර ඇත්තේ සිය පියාගේ අභාවය හේතුවෙන්.

රෝච් පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 3ක් දවා ගත් අතර, ඩව්රිච්ට ඉනිම් දෙකේදීම පන්දුවට පහර දීමේ අවස්ථාව අහිමි වූයේ අතක ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන සිකුරාදා වෙලින්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...