කොදෙව්වන්ට එරෙහිව නවසීලන්තයෙන් වාර්තාගත ජයග්‍රහනයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 134ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා අඛණ්ඩව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් තරගයේ සිව්වන දිනයේ දී ලකුණු 247කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීමත් සමගයි.

කොදෙව් දෙවන ඉනිම ශක්තිමත් කළ ජර්මයින් බ්ලැක්වුඩ් සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 104ක් රැස් කළා.

සිය ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ අල්සාරි ජෝසප් ලකුණු 86කට දැවී ගියා.

පන්දු යැවීමේ දී නෙයිල් වෑග්නර් ලකුණු 66කට කඩුලු 4ක් දවා ගත්තා.

හැමිල්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 519ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ කේන් විලියම්සන් ලකුණු 251ක් රැස් කළේ හයේ 2ක් සහ හතරේ පහර 34ක් සමගින්.

ටොම් ලේතම් ලකුණු 86ක් සහ ක්යිල් ජමිසන් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කෙමා රෝච් සහ ෂැනොන් ගැබ්‍රියල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

ජෝන් කැම්ප්බෙල් ලකුණු 26ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කේන් විලියම්සන්.

මෙය ලකුණු පරතරය අතින් කොදෙව්වන්ට එරෙහිව නවසීලන්ත කණ්ඩායම ලැබූ ඉහළම ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...