අර්බුදයට තුඩු දුන් දකුණු අප්‍රිකා – එංගලන්ත තරගාවලියට කොළ එළිය

Date:

එංගලන්තයට එරෙහි දකුණු අප්‍රිකා එක්දින සංචිතයේ සියලු ක්‍රීඩකයින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වී තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලි අදින් (6) ආරම්භ වනු ඇති.

මීට පෙර තරග 3කින් යුත් එක්දින තරගාවලිය පසුගිය සිකුරාදා ආරම්භ විමට නියමිතව තිබූ නමුත්, අවසන් මොහොතේ එය අද දින දක්වා කල් දැමීමට කටයුතු කෙරුණා.

ඒ, දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව අණාවරණය වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී සියලු ක්‍රීඩකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණවලින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට හෝ වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වූයේ නම් තරගාවලිය අවලංගු කිරීමේ අවධානමක් ද මතුව තිබුණා.

මේ අතර, ක්‍රීඩකයින් සිටින ජෛව ආරක්ෂිත බුබුල තුළ කිසිදු ආකාරයේ සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් උල්ලංඝනය වී නොමැති බව ද බළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (6) මෙරට වේලාවෙන් පස්වරු 1.30ට Paarl හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...