ස්ටක් ඔස්ට්‍රේලියානු 20යි 20 කණ්ඩායම හැර යයි

Date:

ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලින් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවක ක්‍රීඩක මිචෙල් ස්ටක් ඉවත් වී තිබෙනවා.

ඒ, ඔහුගේ පවුලේ සාමාජිකයෙකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

අද(6) පැවැත්වෙන දෙවන 20යි 20 තරගයට ක්‍රිඩා කිරීම සදහා ඔස්ට්‍රේලියානු සංචිතයේ ක්‍රීඩකයින් ඊයේ කැන්බරා නුවර සිට සිඩ්නි වෙත පැමිණි තිබුණා.

කෙසේ වෙතත්, අනතුරුව ක්‍රීඩකයින් සදහා වූ ජෛව ආරක්ෂිත බුබුලෙන් මිචෙල් ස්ටක් ඉවත් වී ඇති බව සදහන්.

ලබන 17 වනදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ලබන සතියේ දී ඇඩිලේඩ් නුවර දී එක්වීමට නියමිතයි.

නමුත්, මිචෙල් ස්ටක් යළි සංචිතය සමග එක්වන දිනයක් මෙතෙක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තහවුරු කර නැහැ.

ඩේවිඩ් වෝනර්, ඇෂ්ටන් ඒගාර්, මාර්කස් ස්ටොයිනිස් සහ මිචෙල් මාෂ් යන ක්‍රීඩකයින්ට ද ආබාධ හේතුවෙන් ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලිය අහිමි වී ඇති අතර, පැට් කමින්ස් ද විවේක ගන්වා තිබෙනවා.

නායක ආරෝන් ෆින්ච් ද නිමා වූ පළමු 20යි 20 තරගයේ දී ආබාධයකට ගොදුරු වූ අතර, අද තරගය සදහා ඔහුගේ සහභාගීත්වය ද මෙතෙක් තහවුරු වී නැහැ.

දෙරට අතර පැවැත්වෙන දෙවන 20යි 20 තරගය අද(6) මෙරට වේලාවෙන් පස්වරු 1.40ට සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...